වෙළඳපොළ තුළ යළිත් බිත්තර මිල ඉහළ යාමක් සිදුවුවහොත් රජය නැවත වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඉහළ මිලකට අලෙවි වූ බිත්තර මිල පසුගිය දින කිහිපයේදී තරමක අඩුවීමක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත් උත්සව සමය හේතුවෙන් යළිත් බිත්තර මිලේ ඉහළ යාමක් පෙනෙන්නට තිබේ.